ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ බව කියන යතුරු පැදියක් සොයාගෙන තිබෙනවා. ඒ, මින්නේරිය වැවේ තිබියදීයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ 49 හැවිරිදි ටී ජී විජේනායක නමැති පොලිස් සැරයන්වරයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔහු ජනාධිපති ආරක්ෂක අංශ ප‍්‍රධානියාගේ රියදුරු ලෙස සේවය කර ඇති බවද සඳහන්.
අදාළ පොලිස් සැරයන්වරයා ඝාතනයට ලක්වූයේ පොළොන්නරුව නව නගරයේ නිවසක් තුළදීයි.
ඔහු පොළොන්නරුව දිවුලන්කඩවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් නිල සුනඛයින් යොදා සිදු කළ මෙහෙයුමක දී යතුරුපැදිය සොයා ගැණුනා.