ඇමෙරිකාවේ 45වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්රම්ප් බව යළිත් වරක් තහවුරු වී තිබෙනවා.
ඒ, ඇමෙරිකානු මැතිවරණ කොලේජ වලින් ඡන්ද 270ක් ලැබීමෙන් අනතුරුවයි. ඔහු වෙනුවෙන් කැමැත්ත පළ කළ මැතිවරණ විද්යාල නියෝජිතයන් ඒ බව නිළ වශයෙන් ප්රකාශ කර ඇත.
මෙය සාම්ප්රදායික කටයුත්තක් වුවත් රුසියාව සයිබර් ප්රහාර හරහා ප්රතිඵලය වෙනස් කර ඇති බවට එල්ල වූ චෝදනා නිසා මෙවර ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණා.
ඇමෙරිකානු ජනපතිවරණයෙන් සති 06කට අනතුරුව ලැබූ මෙම ජයග්රහණය පිළිබඳව ඩොනල්ඩ් ට්රම්ප් ට්විටර් පණිවිඩයක් ඔස්සේ සතුට ප්රකාශ කර තිබුනා.
එම පණිවිඩය පහතින් දැක්වේ