ඉදිරියට යන ශී‍්‍ර ලංකාවට අමෙරිකාවේ සහාය අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ මූලිකම පාරිභෝගිකයා අමෙරිකාව බවයි. ශ්‍රී ලංකාවේ රැකියා රඳා පවතින්නේ අමෙරිකානු පාරිභෝගිකයා ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා මත බවත් පැවසුවා.
ඒ හේතුවෙන් අමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙලට විරෝධී අය ඊට අකුල් හෙළනවාට වඩා තමාගේ පාඩුවේ වැඩක් බලා ගැනීමෙන් සහයෝගය දක්වන ලෙසද හෙතෙම සඳහන් කළා.
නෙත් නිවුස් හී මෙම සංවාදය සමග එක්වෙමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් පළ කළා. ඔහු ප්‍රකාශ කළේ ඉදිරි වසර කිහිපයේදී ශී‍්‍ර ලංකාවේ ආයෝජන තවදුරටත් වැඩි කර ගැනීමට හැකිවනු ඇති බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් අමෙරිකා එක්සත් ජනපදයට අමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ අපනයන සිදු කරන බවත් මෙම සම්බන්ධතාවයේ වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවට බවත් පැවසුවා. වත්මන් රජයේ අපේක්ෂාව ඉදිරි කාලසීමාවේදී මෙම අපනයනයන් දෙගුණයක් කිරීම බවත් සඳහන් කළා.