Monday, January 13, 2025

General line - 0115112241

"තීරණය කළොත් අනිවාර්යයෙන්ම කණ්ඩායමක් ලාහෝර් යවනවා.."- ක්‍රිකට් කණ්ඩායම බෑ කියද්දී තිලංග කියන කතාව මෙන්න




විස්සයි විස්ස තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළහොත් ඒ සඳහා තරග විනිසුරන් හා තීරකයන් යොදවන බව අයිසීසීය   දැනටමත් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල බීබීසී වෙත සඳහන් කර තිබෙනවා.

මෙම සංචාරය  පිළිබඳව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරනු ලැබ ඇති අතර ක්‍රිකට්  විධායක කමිටුව හෙට (16) රැස්වී ඒ සම්බන්ධ අවසාන තීරණයකට එළඹෙන බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.


ලබන 29 වෙනි දින තරගය සඳහා සහභාගි විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරනු ලැබුවහොත්, එවිට "අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමක් සහභාගි කරවන" බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල බීබීසී වෙත සඳහන් කර තිබෙනවා.


"අයිසීසී ඒකෙන් සංවිධානය කරලා T20 තරග තුනක් ගැහුවා World II කණ්ඩායමත් එක්ක. ඒකෙදි ආරක්ෂක කටයුතු පිළිබඳව 100% ක් ඒගොල්ල සෑහීමකට පත්වෙනවා.තාමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ සංචිතවල ඉන්නවනේ එදා 2009 ඒ ප්‍රශ්නෙට මුහුණ පාපු අය. බොහොම සාධාරණයි ඒ අයට කිසියම් භීතියක් තියෙනව. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා." යනුවෙන් පවසන බවයි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.