කොළඹ - ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා.
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ප‍්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ - කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙම මංතීරුව ඉදිකිරීමට වැයකෙරුණු මුදල රුපියල් මිලියන 17ක්.
මෙම ව්‍යාපෘතිය යටතේ අද ජනතා අයිතියට පවරනු ලැබුවේ එහි පළමු අදියරයි.