දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්රදේශයේ ඉඩමක නිධානයක් ලබා ගැනීම සඳහා විශාල ගලක් විදිමින් සිටි කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බලකායේ වැටලීම් කණ්ඩායමක් විසින් වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.
ඒ, ඊයේ (03) රාත්රියේදීයි.
පුද්ගලයින් 03 දෙනෙකු මෙම කණ්ඩායමට අයත්.
බැකෝ යන්ත්රයක්, ගල් විදින මෙවලම් සහ වෙඩි බෙහෙත් ද වැටලීමේ දී සොයාගෙන තිබෙනවා.
මාස කිහිපයක් තිස්සේ මෙම ඉඩමේ විවිධ ආකාරයේ කැණීම් සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.