Saturday, January 18, 2025

General line - 0115112241

ප්‍රබල පෘතුගාලය සහ ස්පාඤ්ඤය අද ලෝක තුසලාන තරග බිමේ

කසුන් කැලුම්




මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩයෙන් තරග වදින්නේ ප‍්‍රබල ස්පාඤ්ඤය, පෘතුගාලය, මොරොක්කෝව සහ ඉරනයයි. ස්පාඤ්ඤ කණ්ඩායම මේ දක්වා ලෝක කුසලාන පාපන්දු තරගාවලි 14කට කී‍්‍රඩා කර ඇති අතර ඔවුන් 2010 වසරේදී පාපන්දු ලෝක ශූරයන් බවටද පත් වුණා. 1950 වසරේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ස්පාඤ්ඤය 1934, 1986, 1994. සහ 2002 යන වර්ෂවලදී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමටද සමත්කම් දක්වා තිබෙනවා. රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ නායක රාමෝස් මෙවර ස්පාඤ්ඤ කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සර්ජියෝ රාමෝස් , අන්ද්‍රස් ඉනියෙස්තා , ජෙරාඩ් පිකේ හා ඩේවිඩ් සිල්වා ස්පාඤ්ඤ කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් ලෙස හැදින්විය හැකියි. ස්පාඤ්ඤය මේවන විට ෆිෆා ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ  දස වන ස්ථානයේයි.
 
පෘතුගාලය - මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට එක් වන තවත් ප‍්‍රබල කණ්ඩායමක්. ලොව පුරා ජනපි‍්‍රය රියල් මැඩ්රිඩ් කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ මෙවර පෘතුගාල කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා. පෘතුගාලය මෙවර සහභාගි වන්නේ සිය 7 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියටයි. 1966 සහ 2006 වසරවලදී අවසන් පූර්ව වටය දක්වා පිවිසීම එතෙකේ මෙතෙක් පෘතුගාලය දැක් වූ  ඉහළම දක්ෂතාව වනවා. පෘතුගාලය 2010 වසරේදී අවසන් කණ්ඩායම් 16 අතරටද පැමිණියා.  ඔවුන් මේ වන විට ෆිෆා ශ්‍රේණිගත කිරිම්වල පසුවන්නේ සිවුවන ස්ථානයේයි.