ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වනු ලබන අර්ධකාලීන වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා 2018 වසරේ බඳවාගත් පළමු කණ්ඩායමේ නවක සිසු සිසුවියන් සඳහා පාඨමාලා ආරම්භ කිරීමේ සමාරම්භක වැඩසටහන මෙලෙස පැවැත්වුණා.
ඒ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පුහුණු පාඨමාලා සඳහා සහභාගීවන සිසු සිසුවියන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්ද සහභාගී වුණා.