නීතිවිරෝධී දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ පරික්ෂා කිරීමකදීයි.
එම සෝදිසි කිරීම්වලදී විදේශීය දුම්වැටි 51,600ක් අඩංගු දුම්වැටි කාටූන් 258ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ.
අදාළ දුම්වැටි තොගය මෙරටට රැගෙන පැමිණි ඇත්තේ 48 හැවිරිදි හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් සහ මෝදර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ.