Friday, April 26, 2024

General line - 0115112241

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි




උතුරු කොරියාව සබ්මැරිනයක සිට තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව අමෙරිකාව සහ දකුණු කොරියාව පවසනවා. එරට නැගෙනහිර සින්පෝ නගරය ආසන්න මුහුදේ අත්හදා බලා ඇති බැලස්ටික් මිසයිලය කිලෝමීටර් 500ක් පමණ දුර ගමන් කිරීමෙන් පසුව ජපාන මුහුදුට පතිත වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

දකණු කොරියානු එ්කාබද්ධ හමුදා ප‍්‍රධානියා පවසන්නේ මෙම මිසයිලය ජපානයේ ගුවන් ආරක්ෂණ හඳුනා ගැනීම් කලාපය තුළට පතිත වී ඇති බවයි. උතුරු කොරියාව මෙම මිසයිලය අත්හදා බැලීම සම්බන්ධයෙන් ජපානය, චිනය හා දකුණු කොරියාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.