Monday, March 3, 2025

General line - 0115112241

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයටත් එකඟතාවක්



ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි පිළිබඳ එකඟතාවකට එළඹෙමින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල කමිටුව සමඟ ශ්‍රී ලංකාව, සාර්ථකව සාකච්ඡා අවසන් කර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 37 ක සමස්ත විදේශ ණය වලින් ඩොලර් බිලියන 12.5 ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වනවා.

එළඹුණු මෙම නව ගිවිසුම රට තුළ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට ගන්නා උත්සාහයේ තීරණාත්මක පියවරක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර බැඳුම්කරවල සියයට 28ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්. ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වනවා.

ඒ අනුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් පිළිබඳ නිල ණය හිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අවශ්‍ය වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

ශ්‍රී ලංකාව ඉකුත් දා ද්වීපාර්ශවීය ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් ගිවිසුම් අත්සන් කර අවසන්.