Thursday, April 24, 2025

General line - 0115112241

පාප් වහන්සේ අවසන් වරට දකින්න දහස් ගණන් එක්වෙයි



ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රැගෙන යන පෙරහැර නැරඹීම සඳහා අද දිනයේ ශාන්ත පීතර චතුරශ්‍රයට වන්දනාකරුවන් 20,000ක් පමණ රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

පාප් වහන්සේගේ දේහය කැසා සැන්ටා මාර්ටා දේවස්ථානයේ පැවති යාඥා උත්සවයකින් පසුව ශාන්ත පීතර බැසිලිකාවට අද රැගෙන ආවා. 

ඒ අනුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට අවස්ථාව උදාවනු ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. 

අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින දෙක තුළ පමණක් දස දහස් ගණනක් වතිකානු නගරයට පැමිණ සිටියා. 

සෙනසුරාදා පැවැත්වෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට අවම වශයෙන් දෙලක්ෂ 50,000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

ලෝක නායකයින් ඇතුළු ලොව පුරා විශේෂ නියෝජිතයින් 100ක් පමණ ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.