Thursday, April 24, 2025

General line - 0115112241

රැඳවියන්ගේ ගැටුමෙන් මාතර බන්ධනාගාරයට හානි



මාතර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ සභාපතිත්වයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරු දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ මාතර බන්ධනාගාරය තුළ රදවා සිටි රැදවියන් තිදෙනෙකු හට පවතින විනය චෝදනා මත වෙනත් බන්ධනාගාර වෙත මාරුකිරීමට ඊයේ දිනයේදී බන්ධනාගාර පාලනාධිකාරිය විසින් කටයුතු සුදානම් කර තිබූ බවයි.

ඒ අනුව, මෙම රැදවියන් මාරුකිරීමට විරෝධය දක්වමින් තවත් රැදවියන් පිරිසක් විසින් යම් නොසන්සුන් තත්වයක් ඊයේ රාත්‍රි කාලයේදී මාතර බන්ධනාගාරය තුල නිර්මාණය කර තිබුණා. 

ඒ, අදාල මාරුකිරීම නවතාලීමට ගත් උත්සහයක් වශයෙන්. 

මෙහිදී මාතර බන්ධනාගාර මුර අට්ටාල රාත්‍රී රාජකාරියේ යෙදි සිටි නිලධාරීන් තිදෙනෙකු ගල් ප්‍රහාරවලට ලක්වීම මත රෝහල් ගතකර ඇති අතර, බන්ධනාගාර ගොඩනැගිලි හා අංශ සදහා හානි සිදුව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම සිදුවීමට අදාලව ආරක්ෂක පියවරක් ලෙස කාන්තා හා පිරිමි රැඳවියන්  අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.