ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකුල මහලේකම් වශයෙන් දයාසිරි ජයසේකර පිළිගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවය පවසනවා.
එහි ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ මින් ඉදිරියට පක්ෂයේ සියලුම සාමාජිකයන්ට එම තීරණය අනුව කටයුතු කිරීමට සිදු වන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදයේ පළමු සිද්ධිය බවට පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමත් සමගයි.
එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගත් තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.