Monday, March 3, 2025

General line - 0115112241

සමෙහි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී සැලකිලිමත් වන්න - විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ



සමෙහි ඇති වන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව හෝමාගම මූලික රෝහලේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ පවසනවා.

ඇය කියා සිටියේ සමෙහි ඇතිවන දිලීර රෝග තත්ත්වයක් මේ දිනවල පැතිර යමින් ඇති බවයි.  


මිනිස් සමෙහි ස්වභාවය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මෙලෙස පැහැදිලි කළා.


විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවේ විවිධ ක්‍රීම් වර්ග ආලේපනය හේතුවෙන් මාරාන්තික රෝගී තත්ත්වයන් වුවද ඇති විය හැකි බවයි.


සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.