Monday, March 3, 2025

General line - 0115112241

රට රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට



විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ බත්තරමුල්ල නගරයේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකාර කාන්තාවක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාරිය විසින් ඩුබායි හා ඕමාන් රටවල කර්මාන්ත ශාලාවල හා රියදුරු රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවූ බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි 14ක් ලැබී තිබෙනවා.

එම පැමිණිලිවලට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ට ආසන්න වන බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

අදාළ විදේශ රැකියා ආයතනයේ බලපත්‍රය අත්හිටුවීමටද විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබෙනවා.