රේගු වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.
ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙන ඒම හා රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් රේගු වෘත්තීය සමිති අද සහ හෙට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර තිබුණා.
කෙසේවෙතත් අද පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.