අකුරණ නගරයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පෙරවරු 6.50ට මෙම ගින්න හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
බිම් මහලේ බේකරි නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනු ලබනවා.
එක් මහලක ජාත්‍යන්තර පාසලක කොටසක්ද පවත්වාගෙන යන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කෙසේවෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
මහනුවර මහනගර සභාවේ ගිනිනිවීම් භටයින්, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සදහා මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා.