Wednesday, April 23, 2025

General line - 0115112241

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් විවෘත කිරීමට දේශපාලඥයින් ඇතුළු පිරිසක් උත්සාහයක



අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාර්ගයක් විවෘත කිරීම සඳහා දේශපාලඥයින් ඇතුළු පිරිසක් උත්සහ කරන බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

2010 වසරේදී නාවික හමුදාව විසින් නීතිවිරෝධීව බලහත්කාරයෙන් එම වනෝද්‍යානය තුළ කිලෝමීටර් 35ක් විහිදෙන පරිදි එම මාර්ගය සකස් කර තිබූ බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ.

කෙසේවෙතත් අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ එම මාර්ගය ලබන 07 වනදා විවෘත කිරීමට පිරිසක් සූදානමින් සිටින බවද ඔහු පැවසුවා.