ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේදැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතා පවසනවා.
සිය පක්ෂ නියෝජිතයින් ඉදිරියේදී රැස් වී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි කොළඹ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.
කෙසේවෙතත් කඩා වැටී තිබූ රට යළි ගොඩනැඟීමේ වගකීම භාර ගනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.