භූත සහ හොල්මන් මන්දිර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.
ආගමික පසුබිමකට නොගැළපෙන ආකාරයේ එවැනි දේ සංවිධාන කිරීම නතර කළ යුතු බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් පැවසුවේ.