Monday, March 3, 2025

General line - 0115112241

විසිපස් දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය කැබිනට්ටුව පත් කෙරේ



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාර්මර්ගේ කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා.

කම්කරු පක්ෂයේ 25 දෙනෙකුගෙන් එම කැබිනට් මණ්ඩලය සමන්විතයි.

ඊට කාන්තාවන් 11 දෙනෙකුද අයත් වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

රේචල් රීව්ස් බි්‍රතාන්‍ය පළමු කාන්තා චාන්සල්වරිය බවට පත් කර තිබෙනවා.

ඇන්ජලා රේනල්ට නියෝජ්‍ය අගමැති ධූරය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබාගනිමින්. එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇය මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ ‘ස්ට්‍රැට් ෆෝඩර්’ සහ ‘බෝ’ ආසනය නියෝජනය කරමින්.