උහන, තිස්සපුර ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, උහන පොලිසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සපුර හා ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය පැවසුවේ.
එම වැටලීමේදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි උහන පොලිසිය පැවසුවේ.