Monday, March 10, 2025

General line - 0115112241

පොලිස්පතිවරයාගේ ගැටලුව විසඳීමට ජනාධිපති කටයුතු කළ යුතුයි - විපක්ෂ නායක



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු වගකීම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.    

ඒ අනුව පොලිස්පතිවරයාගේ ගැටලුව ද විසඳීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි මොණරාගල දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ.


මේ අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අදහස් පළ කළා.

ඒ, හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.