Monday, March 10, 2025

General line - 0115112241

අදත් බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැස ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ත් 55ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.