Thursday, April 10, 2025

General line - 0115112241

යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට කැබිනට් අනුමැතිය



යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටළු පිළිබඳ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කෙරුණා.

එම අනු කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු     කේ ටී චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඉකුත් පෙබරවාරි මස 19වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා.

ඒ අනුව චිත්‍රසිරි කමිටුව විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර තිබෙනවා.