Wednesday, April 30, 2025

General line - 0115112241

මැයි දිනයට රැළි 13ක් - පෙළපාළි 09ක්



හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සහ රැස්වීම් සඳහා විශේෂ ආරක්‍ෂාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබෙනවා. 

එමෙන්ම විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාවට නංවන බවයි පොලීසිය පැවසුවේ. 

ප්‍රධාන මැයි රැළි, පෙළපාළි සහ සැමරුම් පැවැත්වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙනයි. 

ඒ අනුව කොළඹ පමණක් මැයි රැළි 12ක් සහ පෙළපාළි 09ක් පැවැත්වෙනවා. 

කොළඹින් පිට ප්‍රධාන මැයි රැළියක් පැවැත්වෙන්නේ තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේදීයි.