විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් තීරණයක් ගනු ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඒ, විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට කර තිබූ විශේෂ දැනුම්දීම පිළිබඳ අදහස් දක්වමින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා තිබුණේ පිරිවැයට සරිලන ලෙස විදුලි බිල ගැළපිය යුතු බවට ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන බවයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා අද ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මීළඟට තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ ලබන ජූනි මාසයේදී බවයි.
මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා තිබුණේ.
විදුලිබිල එලෙස ගැලපීමක් නොකොළහොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය බර තවදුරටත් වැඩි විය හැකි බවත් බදු ගෙවන්නන් මත තවත් පීඩනයක් එල්ල විය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණා.