Monday, March 10, 2025

General line - 0115112241

නීති විරෝධී වියළි කහ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළ කහ කිලෝග්‍රෑම් 749ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය, උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

අදාළ ඩිංගි යාත්‍රාවේ උර 17ක මෙම නීති විරෝධී වියළි කහ තොගය අසුරා මෙරටට ගෙන ඒමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 44 වියේ පසුවන කල්පිටිය ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ සම්බන්ධ නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.