Monday, March 10, 2025

General line - 0115112241

දැන් පොහොට්ටුවට ඉතුරු කීයද?

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක්වන පිරිසේ සංඛ්‍යාවෙන් ජනමතය හෝ ජයග්‍රහණය තීරණය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. 

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ ජනාධිපතිවරයාගේ සහයට සිටි මන්ත්‍රීවරු සංඛ්‍යාව දැන් අඩුවී ඇති බවයි.

මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පැවසුවේ ජනාධිපතිවරයාගේ නායකත්වය ඔහු සමග එක්වූ සියලු පාර්ශවයන්ට වැදගත් බවයි.  

මේ, ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත.