Thursday, April 10, 2025

General line - 0115112241

පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි පවසා රන් පැහැති නෙළුම් මලක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට



මාතලේ  අලුවිහාරය ප්‍රදේශයේදී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් යැයි පවසා රන් පැහැති නෙළුම් මලක් රුපියල් 50,000ක මුදලකට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මාතලේ කොට්ධාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

විවිධ ප්‍රමාණයේ පෙති 24කින් යුත් රන් පැහැති එම නෙළුම් මලේ බර ග්‍රෑම් 706ක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මාතලේ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.