Thursday, April 10, 2025

General line - 0115112241

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයට යන්න එපා - විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුම් දීමක්



අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ලෙබනනයට නොයන ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබි්‍ර පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එලෙස ලෙබනනයේ සංචාරය නොකරන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මැද පෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි්‍ර එම ඉල්ලීම සිදු කර තිබෙනවා. 

මේ අතර මැදපෙරදිග මතුවී ඇති තත්ත්වය බලාපොරොත්තු නොවන ආකාරයේ අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබි්‍ර වැඩිදුරටත් පැවසුවා.