Tuesday, March 11, 2025

General line - 0115112241

සීගිරියේදී වලස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහලේ

කාංචන ආරියදාස



සීගිරිය ඉලූක්වල ප්‍රදේශයේදී වලස් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ වන විට දඹුල්ල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි සීගිරිය වනජීවී කාර්යාලය පැවසුවේ.

ඉන් එක් පුද්ගලයෙකු වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ සිය නිවස පිටුපසු තිබූ වැසිකිලියට යමින් සිටියදීයි.

හේනේ පැලක් ආසන්නේ බුලත් විටක් සපමින් සිටියදී අනෙක් පුද්ගලය ාවලස් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.