Wednesday, April 16, 2025

General line - 0115112241

බැසිල් දිවයිනෙන් යයි



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අලු‍යම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.

එම ගුවන් යානය වෙත පිවිසීම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ”‍ රන් මාවත ”‍ පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන ඇති බවද වාර්තා වුණා.  

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.