Saturday, March 15, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක ආරම්භයක් - චන්දිමාල්ගෙන් ශතකයක්



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 306ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 208ක් තුළදී 04 පහරවල් 15ක් එල්ල කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 116ක්.

ඒ ඔහුගේ 16 වන ශතකයයි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක් ලබා ගනිමින් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිසියේ වෙනස්කම් දෙකක් සහිතවයි. ඒ, ආබාධයට ලක්වූ විශ්ව ප්‍රනාන්දු වෙනුවට නවක දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් අද කණ්ඩායමට එක් වීමත් සමගයි. ඒ ඔහුගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයද වනවා. 

මේ අතර පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් පතිරණ වෙනුවට මිලාන් රත්නායකද අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.