ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අද සිට කෙටි පණිවිඩයක් ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවයි.
පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය සිය ස්තූතිය පිරිනමන බවද එහි තවදුරටත් දක්වා තිබෙනවා.