Saturday, April 12, 2025

General line - 0115112241

ගාල්ල මැතිවරණ කොට්ඨාශ කිහිපයක එජාප ක්‍රියාකාරීන්ගේ විශේෂ හමුවක් 



ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, බද්දේගම, හබරාදූව සහ අක්මීමණ යන මැතිවරණ කොට්ඨාශවල විශේෂ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමු කිහිපයක් පැවැත්වුණා.

ඒ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී. 

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම හමුව පවත්වා තිබෙන්නේ.

 එම රැස්වීම්වලදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ රැඳී සිටිය යුතු බවට වන යෝජනාවක් සම්මත කර ගත් අතර ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

මෙම රැස්වීම් සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුළු එජාප ක්‍රියාකාරීන් පිරිසක් ඒක්ව සිටියා.