Wednesday, April 23, 2025

General line - 0115112241

හොංකොං සික්සස් ක්‍රිකට් ශූරයින් දිවයිනට

ටී කේ ජී කපිල



හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ළහිරු මධුසංකගේ නායකත්වයෙන් මෙම කණ්ඩායම හොංකොං සික්සස් ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ වසර 17 කට පසුවයි.

මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 03 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ශූරතාව හිමිකර ගත්තා.