Wednesday, April 23, 2025

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂණික ප්‍රතිචාරයෙන් කරාපිටියේ වෛද්‍ය වර්ජනය අවසන්

රවීන්ද්‍ර ලියනගේ



කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංමයේ ලේකම් අසංක කෝනාර මහතා පැවසුවේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රීයාමාර්ගය අත්හිටවූ බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියා කාලාපයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් අසංක කෝනාර මහතා.