Wednesday, April 23, 2025

General line - 0115112241

කෝටි එක හමාරක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් STF භාරයට



අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගහවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 15ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ 26 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව මොවුන්ගේ ජාවාරමට ආධාර අනුබල දුන් වයස අවුරුදු 58ක කාන්තාවක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.