Wednesday, April 23, 2025

General line - 0115112241

මැතිවරණ නීති කැඩූ අපේක්‍ෂකයින් 08ක් ඇතුළු 295 දෙනෙකු අත්අඩංගුවට



මැතිවරණ නීති කඩ කළ අපේක්‍ෂකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 295 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ පුද්ගලික වාහන 63ක්ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි. 

මේ අතර, මහමැතිවරණයට අදාළව තවත් පැමිණිලි 152ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පැමිණිලි ලැබී ඇත්තේ ඊයේ පස්වරු 04යි 30 දක්වා වූ ගතවූ පැය 24 තුළයි. එම පැමිණිලි අතරට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 03ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 149ක් ඇතුළත්.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් 26 සිට මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි ගණන 1,794ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

එම පැමිණිලිවලින් 1,483ක් මේ වන විටත් විසඳා අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.