Wednesday, April 23, 2025

General line - 0115112241

ජනාධිපතිවරුන්ට දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර ගැන රජයෙන් තීරණයක්



ජනාධිපතිවරු සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අදාළ දිස්ත්‍රික් මට්ටමේ ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් සොයා බලා ඒවා වෙනත් කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන එකඟතා ප්‍රමාද වීමට හේතු වී ඇති කාරණ සම්බන්ධයෙන්ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා. 

අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් දැක්වුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.