Wednesday, April 30, 2025

General line - 0115112241

ඉන්දීය මුහුදු සීමාවේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොලොස් දෙනා අද කොළඹ වරායට



ඉන්දීය මුහුදු සීමාවේදී පසුගියදා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් එකොලොස් දෙනා අද කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා. 

ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර සිදු කෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය නාවික හමුදාව විසින් අදාල යාත්‍රා දෙක සිය භාරයට ගනු ලැබුවා. 

එම එක් ධීවර යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 400 ක් පමණ තිබූ බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පැවසුවේ.