Thursday, April 10, 2025

General line - 0115112241

ඇල්ටෝ ධර්මේගේ තවත් ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මල්වතුහිරිපිටිය, බුත්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. 

එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විසිපහක් වටිනා හෙරොයින් තොගයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා.