Tuesday, March 11, 2025

General line - 0115112241

පොලිස් සිර මැදිරියේ වැටී තුවාල ලබා රෝහල්ගත කළ සැකකරුවෙකු ජීවිතක්‍ෂයට



හලාවත පොලිස් සිර මැදිරිය තුළ වැටී තුවාල ලබා රෝහල්ගත කර සිටි සැකකරුවෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා. 

එලෙස මිය ගොස් ඇත්තේ හලාවත - දැදුරුඔය, ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්. 

ඉඩමකට අයුතු ලෙස ඇතුළු වූ බවට චෝදනා ලබා සිටි එම සැකකරු හලාවත පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් 16 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා. 

විමර්ශන කටයුතු අවසන් වන තුරු ඔහුව පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගෙන තිබෙනවා. 

ඉකුත් 17 වනදා සිරමැදිරියේ බිම වැටී සිටි එම සැකකරු හලාවත මහ රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා නැවතත් හලාවත මහ රෝහලට එවා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

පසුව ඔහු හලාවත රෝහලේදී මිය ගොස් තිබෙනවා. 

හලාවත වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව ඇප මත මුදා හැරීමටද නියම කර තිබූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

 

ජූඩ් සමන්ත