Monday, March 10, 2025

General line - 0115112241

අතුරුගිරිය පොලිසියට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

එන් ඒ ඩබ් නිරෝෂන්



අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහතාගේ දියණියගේ සැමියා වන කසුන් මහේන්ද්‍ර මහතා විසින් අතුරුගිරිය පොලිස් ස්ථානයට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත අද පැමිණිල්ලක් සිදු කළා. 

ඒ, හබරකඩ පිහිටි සිය නිවස ආසන්නයේදී සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් තමන් බලහත්කාරයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයට රැගෙන ආ බව පවසමින්.


මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ  අවධානය යොමු වී තිබෙනවා. 

ඒ අනුව අදාළ සිදුවීම සහ පොලිස් නිලධාරින් ක්‍රියා කළ ආකාරය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීමට නියමිතයි.