Monday, March 10, 2025

General line - 0115112241

උත්සව සමයේ කේක් මිල ගණන් ගැන සැලකිලිමත් වන්නැයි ජනතාවට දැනුම් දීමක්



උත්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව කේක් මිල ගණන්වල සුළු අඩුවීමක් මෙවර පවතින බවයි.  


වත්මන් රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් සැලසුනේ නම් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමීමට හැකියාව තිබූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.