Thursday, April 10, 2025

General line - 0115112241

මෙම වසරේ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවයි



මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසනවා. 

ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 83,257 ක්. 

දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිස වන එක් ලක්ෂ 80,414 දෙනෙකු රුසියාවෙන් පැමිණ තිබෙනවා.

තෙවැනියට සංචාරකයින් එක් ලක්ෂ 66,999 දෙනෙකු එක්සත් රාජධානියෙන් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. 

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා.