Wednesday, April 30, 2025

General line - 0115112241

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම ලබන වසරේ සිට



මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. 

එමෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ද ලබන වසරේදී ආරම්භ කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙම අදහස් පළ කළා.