Thursday, April 10, 2025

General line - 0115112241

අඩු මිලට නව මත්පැන් නිෂ්පාදනයක් හඳුන්වා දීමේ තීරණයට ජාතික සංඝ සම්මේලනයේ අප්‍රසාදය



අඩු මිලට ලබා ගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වා දීමට කටයුතු කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.    

ඒ, ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින්. 

දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනතට අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවයි ජාතික සංඝ සම්මේලනය පෙන්වා දෙන්නේ. 

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි කටයුතු කර ඇති බවට සැකයක් පවතින බවයි ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් විසින් සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ.